ගෙවුණු දිනයේ (13) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 57ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) දිනයේ එම මරණ තහවුරු කරනු ලැබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර මියගිය පිරිසෙන් 32 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 25 දෙනා කාන්තාවන් බව නිවේදනයේ දැක්වේ.





