Headlines

    භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ..

    මුළු දිවයිනපුරා දැනට බලපැවැත්වෙන සංචරණ සීමා කාලය තුළ භාණ්ඩ බෙදාහැරීමේ සේවා (ඩිලිවරි සේවා) පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    පොලිස්පතිවරයා සදහන් කළේ, එම බලපත්‍ර සංචරණ සීමා ඉවත් කිරීමට සැලසුම් කර තිබූ පසුගිය 14 වැනිදායින් අවසන් වීමට තිබුණත්, දීර්ඝ කළ සංචරණ සීමා හේතුවෙන් මෙලෙස එම බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කළ ඇති බවයි.

    ඒ අනුව බලපත්‍ර හිමි භාණ්ඩ බෙදාහරින පුද්ගලයින්, එම බලපත්‍ර භාවිත කරමින් ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා භාණ්ඩ බෙදාහරින පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *