Headlines

    මත්පැන් විකිණීමට අවසර හිමි වේද?..

    දිවයින පුරා පිහිට සුපිරි ‍වෙළඳසැල් හා බීර තැබෑරුම් හල් හරහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් වෙළෙඳාමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වේ.

    කෙසේ වෙතත් එම තීරණය ක්‍රියාත්මක කළ හැක්කේ කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකායේ අනුමැතිය ලැබුනොත් පමණක් බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, සංචරණ සීමා හේතුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 600ක පමණ බදු ආදායමක් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බව යි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *