මිනිස් රැකවරණය නොමැති කම්බිලි දේවතා අනුහස් ඇතිහඳපාන්විල පුරා විද්‍යා උරුමය

වැසි සමයේ පුරාවිද්‍යා බිම දුපතක් බවට පත්වේ

ක‍්‍රි පූ දෙවන සියවසේ ඉදිකිරීම්වල නටඹුන් අනාරක්ෂිතවේ

හඳපාන්විල ස්වාභාවික විල්ලූව හා බැඳි ජන ජීවිතය පිළිබඳ දෙසතියකට පෙර තැබූ සටහන ඔබේ මතකයේ ඇතැයි සිතමි. හඳපාන්විල විල්ලූව යනු වැසි කාලයේදී මහවැලි නදිය දෙගොඩ තලා යමින් පෝෂණය කරන සොබාදහම් මාතාව විසින් අපට පිරුණැමූ අපූර්ව සම්පතකි. ශ‍්‍රී ලංකා භූමිය සතු මුහුදු මට්ටමේ සිට වඩාත්ම උසින් පිහිටි විශාලතම ස්වාභාවික විල්ලූව වන එය ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට මනස්කාන්ත දසුනක් එක් කරන නීල වර්ණ ජලාශයකි. එහි රමණීයත්වය දැක විඳගැනීමට ගිය ගමනේදී හඳපාන්විල විල්ලූව හා බැඳි තවත් වැදගත් මහානර්ඝ උරුමයක් දැක ගැනීමට අපට හැකිවිය. ඒ හඳපානවිලේ නැගෙනහිර ඉවුරේ අප‍්‍රකටව පිහිටි හඳපාන්විල රජ මහා විහාරය හා ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතයයි.පැළෑටියාව මගුල්දමනේ සිට කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ගොස් ළගා විය යුතු මේ පුරා විද්‍යා භූමිය මහා වනස්පති තුරු ගොමුවෙන් වටව පවතින්නකි. එයද එක් හේතුවක්ව සීමිත මිනිස් ඇසුරක් පමණක් ලැබ නිදන් හොරු වැනි සොර සතුරන්ගෙන් රක්ෂා වී අදටත් එය නිරුපද්‍රිතව පවතින්නේ ආරන්‍යවාසීව අපමන දුක් පිරිපත දරා එහි වැඩ වාසය කරන යක්කුරේ දුමින්ධාලංකාර භික්ෂූන් වහන්සේගේ රැුකවරණය හේතුවෙනි.පුරා විද්‍යා භූමිය පිහිටා ඇත්තේ හඳපාන්විල ජලාශය වඩා උසිනි. ජලාශයට තුන් පැත්තකින් වටකොටගත් මේ භූමියේ පාමුලටම ජලය පිරීතබීම මෙහි දැකිය හැකි සිත වශිකරන දසුනකි. එහෙත් මීට ටික කලකට ඉහතදී ජලාශයේ බැම්ම කැඞී ගොස් ඇති නිසා දැන් ඒ මනස්කාන්ත දර්ශනය දිනෙන් දිනම වියැකෙමින් තිබේ. නමුත් තවමත් වැසි සමයේදී නම් නිරායාසයෙන් ¥පතක් බවට පත්වන හාදපාන්විල රජමාහා විහාරයට ළගා වීමට ඔරුව අධාරයෙන් විල්දිය තරණය කළ යුතුවේ. ඒසමයේදී ¥පතේ උසම තැන පිහිටි ගල් පව්වේ සිට සඳ ඇති රැුයක අවට සිරි නරඹන්නෙකුට රහල් හිමියන්ගේ සැළලිහිනි සංදේශයේ කොන්ත ගංතොට වර්ණනාව සිහියට එළැඹේ.පෙරව සඳ කිරන පිපි කුමුදු මල් වටින්පරව තඹර පෙති ගිලි දිය තලා පිටින් ….සඳකැන් පොරවාගත් අප හැබැහින් නොදුටු කොන්ත ගං දියට වැටුණු සඳ එළියේ සිතුවම ඔබ හැබහින් හඳපාන්විලදී අත් නොදකීනම් පුදුමයකි. ඒ තරමින් සිත බැඳ ගන්නා චිත්තාකර්ශනීය දසුන් පෙළක් ¥පතේ ලෙනට උඩින් පිහිටි ගල්පව්ව මතට දිස්වේ. හඳපාන්විල පරිසරයේ ඇති ඒ විචිත‍්‍රවත් සුන්දරත්වය සමගින් මම දැන් ඔබව එබිමේ ඉතිහාසය දිගේ රැුගෙන යමි. පුරා විද්‍යා උරුමයක් ලෙස හඳපාන්විල පුරා විද්‍යා භූමියට කි‍්‍රස්තු පූර්ව දෙවන සියවස දක්වා ලිඛිත අතීතයක් තිබේ. ඒ බව තහවුරු වන්නේ ¥පතේ ඉහළම තැනි පිහිටා තිබෙන ලෙන අතීතයේදී මහා සංඝරුවනට පූජා කළ බව සඳහන් ගිරි ලිපියකිනි. වර්තමානයේ සැතපෙන බුදු රුව වැඩ සිටින ලෙන හා සම්බන්ධ ගිරි ශිකරය මත එය සටහන් කර ඇත්තේ මේසෙය._බරත ශතර කිතශ ලෙනේ,පූර්ව බ‍්‍රාහ්මි අක්ෂර වලින් සඳහන් මෙම ලිපිය මගින් බරත ගෝත‍්‍රික සාගර කීර්ති නම් පුද්ගලයෙක් ලෙන පූජා කර තිබෙන බව පුරා විද්‍යාඥයන් සඳහන් කර ඇත. මේ පිළිබඳ තවදුරටත් විවරනයක් කරන ඔවුන් සඳහන් කරන්නේ සාගර කීර්ති යනුවෙන් සඳහන්ව ඇත්තේ සංඝරක්ෂිත නම් හිමි නමට බවය. එසේම ලෙන පූජා කළ තැනත්තා බරත උප පද ධාරියෙකු වූ වබ මේ පිළිබඳ හඳපාන්විල විහාරෙයේ ඇති පිරිවර්තන ලිපියක දැක්වේ. කෙසේවෙතත් බරත ගෝත‍්‍රික ආර්යයෙකු විසින් මෙම ලෙන පූජා කළබවට තවදුරටත් සිතිය හැකි ඉපැරණි සංඛේත කිහිපයක් පිහටි ගලේ ඇති ලෙන ඇතුලතදී හමුවේ. එම සංඛේතයේ පැහැදිලිව ඇත්තේ රුවල් නැවකි. එමගින් මෙම ප‍්‍රදේශය අතීතයේදී වෙළඳ නාවුක ගණු දෙනු සඳහා භාවිතා කළ බවට යම් ඉඟියක් පළකරන බව පුරා විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. ඔවුන් එම මතය ගෙනෙන්නේ ලෙන උඩ තිබෙන ලෙන් ලිපිය පාදක කරගෙනය._ලජකතිස රජ ගොතගනකතිස, තෙරහට විගරකුටුව කරවිය, වෙහෙරවිය පනිතකවියට කිතුලවිලකව, දෝපති මේ මරහීදිනේ,,මෙහි සඳහන් කිතුලගල විල යනු වංශකතාවල සඳහන් නිගන්ඨවාලූකා විය හැකි යැයිද අනුමාන මතයක් තිබේ. එහෙත් මෙම ලිපිය හඳපාන්විලදී හමුවීම නිසා එය වර්තමානයේ හඳපාන් විල්ලූව හා බැඳි ඇති හඳපාන්විල යැයි සිතීම වඩාත් සාධාරණය.

වර්තමානයේ මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන යක්කුරේ දුම්න්ධාලංකාර හිමියන් විහාරස්ථානයේ ඇති මෙම ලෙන් ලිපියේ පරිවර්තයක් ඇසුරින් හඳපාන්විල පුරා විද්‍යා භූමියේ ඉතිහාසය පිළිබඳ සඳහන් කරන්නේ මෙවැන්නකි.__ _කලහ නගරයේ ඇලක් ගැන මේ ශිලා ලේඛනයේ කියැවෙනවා. පණ්`ඩුකාභය කුමාරයා ස්වර්ණමාලී කුමරිය පැහැරගෙන ගිය කතාව ඉතිහාස කතාවලදි ඔබ අහල ඇති. මේ පැහැරගැනීම ගැන කෝප වී සිටි ගිරිබන්ඨිශිව රජ්ජුරුවන්ගෙ සේනාව කුමාරයාව ලූහුබැඳ ගොස් සටන් වැදුනා. මේ සටනෙදි ශිවගේ සේනාව පරාජය වුණා. ඉට පස්සේ මේ සටන සිහි වෙන්නත් එක්ක සටන සිදුවූ ස්ථානයේ පණ්`ඩුකාභය නගරයක් ඉදිකර තිබෙනවා. කලහ නගරය කියල කියන්නෙ ඒ නගරයට කියල තමයි කියැවෙන්නෙ. වර්තමානයේදී කළහගල නමින් හඳුන්වන්නේ මේ කලහ නගරයට කියල මතයක් තියනවා. කලහ නගරයේ ප‍්‍රධාන වාරිමාර්ගය තමයි නගරයට තිබුණ ඇල මාර්ගය. මේ හඳපාන් විල්ලූව දක්වා තිබුණු ඇල මාර්ගයක් අදටත් දැකගන්න පුළුවන්. ඒ ගෝමතිය ඇල කියල තමයි කියැවෙන්නෙ. ගෝමතිය ඇල වැටෙන්නෙ මහවැලි නදියෙ අවසන් කලාපයට. ඉස්සර මුහුදින් ආව රුවල් නැව් ගෝමතිය ඇල මාර්ගයෙන් හඳපාන්විල දක්වාම ඇවිත් තිබෙනවා කියා ජනප‍්‍රවාද කතා වල කියැවෙනවා. ශිලා ලිපියට පහලින් ඇති ලෙන ඇතුලෙ තිබෙන රුවල් නැවේ සංඛ්තයෙන් දැක්වෙන්නෙ හඳපාන්විල දක්වා අතීතයේ පැවති මේ වෙළඳ නාවුක සම්බන්ධය වෙන්න පූළුවන් බව යක්කුරේ දුමින්ධාලංකාර හිමියෝ පැහැදිලි කරති.ගිරි ශිකරය මත ශේෂව ඇති ලෙන් ලිපියෙන් හෙළි වන තවත් වැදගත් කරුණක් වන්නේ ලැජ්ජතිස්ස රජුට හඳපාන්විල හා පැවති සම්බන්ධයයි. සාගර කීර්ති සංඝයා විෂයෙහි ලෙන පූජා කිරීමෙන් පසු මෙහි විහාර ආරාම කරවීමට රාජඅනුග‍්‍රහය ලබා දී ඇත්තේ ලැජ්ජතිස්ස රජු විසිනි. ඊට හේතූ වී තිබෙන්නේ ඔහුගේ පිය රජු වන සද්ධා තිස්ස කුමාරයා ගැමුණු රජු හා අමනාපව දීඝවාපිය පාලනය කළ යුගයේදී ගැමුණු සහ සද්ධා තිස්ස දෙසොහොයුරන් සමාදාන කිරීමට ගෝතගනක තිස්ස තෙරුන් මුල් වීමය. තමන්ගේ පියාට කළ එම උපකාරයට ලැජ්ජතිස්ස රජ වීමෙන් පසු ගෝතගනක තිස්ස තෙරුන්ට මෙහි විහාරය කරවන්නට ඇත. ලැජ්ජ තිස්ස රජු යුගයේ ඉදිකළ එම බෞද්ධ ඉදිකිරිමවල විනාශවූ ගඩොල් කැබලි හඳපාන්විල පුරා විද්‍යා රක්ෂිතයේ තැන තැන විසිරී තිබෙනු අදද දැකිය හැකිය.

ඒ අතර ගරා වැටුණු ස්ථූපයක්ද ආරාමයක් පැවති බවට සළකුණුද ශේෂව තිබේ. පුරා විද්‍යා රැුකවල් කරුවෙකුගේ රැුකවරනයක්ද නොමැතිව ගතවන දිනයක් පසා වනාන්තරයට එකතුවන මේ ෙඓතිහාසික ස්ථානයේ බෙහෙත් කෙටු ගල් පාදම් ගල් ආදී පුරා වස්තු රැුසක් සංරක්ෂණයකින් තොරව පවතී.කෙසේ වෙතත් වටිනා පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස හඳුනාගෙන නම් කර තිබෙන හඳපාන්විල පුරා විද්‍යා භූමිය වර්තමාන ලෝකයට විවර කර දීමේ ගෞරවය හිමිවන්නේ භවානායෝගීව වැඩ විසීමට මෙම ඉස්ථානය සොයා පැමිණි පොල්ගහවෙල සුමනාලංකාර හිමියන්ටය. වර්තමානයේ වැඩ සිටින දුමින්ධාලංකාර හිමියන්ට පෙර මෙහි වැඩවාසය කළ උන්වහන්සේ ගුප්ත විද්‍යාවේ හසලයෙකු බව මේ ප‍්‍රදේශයේ අදටත් ප‍්‍රකටය. දඹුලාගල මහනාහිමි ලෙස ප‍්‍රකට මාතර කිතලගම ශිලාලංකාර හිමින්ගෙන් කමහටන් ලබාගෙන ඒ හිමියෝ මේ ස්ථානය සොයා ගන්නේ මනම්පිටියේ වැඩවාසය කරන සමයේ සිහිනයකදී දුටු පුද්ලයෙක් පැවසූ මග සළකුණු ඔස්සේය. ඉක්බිතිව උන්වහනසේ කම්බිලි දේවතා අනුහසින් ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි වලසුන් මෙල්ල කරමින් අවට ජනතාවට ඉසිවරයෙකු මෙන් වෙද හෙදකම් කරමින් හඳපාන්විල උරුමය රැුකගෙන ඇත. මේ ප‍්‍රදේශයේ ජනයා ඒ බව සිහි කරන්නේ කෘත ගුණ ප‍්‍රමුඛවය. වර්තමානයේ වැඩ සිටින දුමින්ධාලංකාර හිමියන්ද ගුරු හිමියන්ගේ අඩි පාරේ යමින් ලෙඩක් දුකකදී තමන් උගත් ශාස්තරයෙන් ප‍්‍රදේශයේ ජනතාවට පිහිට වන්නේය.අප හඳපාන්විල පූරා විද්‍යා රක්ෂිතයෙන් නික්මුණේ කම්බිලි දේවතාව සමග එම ස්ථානය හා බැඳි එවැනි ගුප්ග කතාන්දර ගණනාවක මුල් අල්ලාගෙනය. එය තවදුරටත් සොයා බලා පිරික්සා බළන සිතුවිල්ලෙන්ය. කොහොමටත් මේ කුඩා දිවයිනේ ටිකදුරක් ඇතුලට යන විට තවමත් අප‍්‍රසිද්ධව පවතින වටිනා උරුමයන්ද කතාන්දර එමට සොයාගත හැකිය.

තිස්ස ගුණතිලක
Thissa Gunathilaka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *