Headlines

    කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි..

    ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදීය.

    මිය යන විට 71 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ අතර මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කරන ලදී.

    බුදවත්ත ගුරුකුලය මුලික කරගනිමින් දේශීය උඩරට නර්තන කලාවට ජීවය ලබාදුන් පරපුරක සාමාජිකයෙක් වූ ඒ මහතා මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීමේ ඉතා විශිෂ්ට සේවාවක නිරත වු ඒ මහතා නර්තන ආචාර්යවරයෙකු ද වේ.

    ඒ අනුව මෙරට වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ ශිල්ප හදාරා ඇත.

    කුලසිරි බුදවත්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව සඳහන්ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *