මෙරට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය.
ඒ මහතා සඳහනක් කළේ, ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී කුරුණෑගල දෙසට අධික වේගයන් ගමන් කර ඇති යතුරු පැදිය සහ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පසු ගිනිගෙන ඇති බවයි.
ඊයේ (24) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යතුරුපැදියේ ගමන් කළ 19 සහ 24 යන වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙක් බව වාර්තා වේ.
එම අනතුර සිදුවන මොහොතේ මෝටර් රථයේ පුද්ගයින් 5 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පළා ගොස් ඇති අනෙක් පුද්ගලයින් 3 දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




