දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00 ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, සංචරණ සීමා ඉවත් කළ ද ජනතාව එදිනදා කටයුතු කිරීමේදී අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසය.
ඒ අනුව අද (25) දිනයේ මුහුණු ආවරණ පැළදීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 743 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
එහි දී වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 85 කි.
තව ද මාතලේ ප්‍රදේශයෙන් 78 ක්, මහනුවර ප්‍රදේශයෙන් 66 ක්, ගම්පොළ ප්‍රදේශයෙන් 64 ක් හා පුත්තලම ප්‍රදේශයෙන් 50 ක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.




