පසුගිය 22 වනදා කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේය.
එම අධීකාරයි සඳහන් කළේ, ගින්න නිවා දමා ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලය විසින් බවයි.
MSC මෙසීනා නෞකාව දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් සිටියදී ගින්න හටගෙන තිබිණ.
ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය ඊයේ (25) වාර්තා කර තිබුණේ, MSC මෙසීනා නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාගෙන් එක් සාමාජිකයෙකු අතුරුදන් වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ වනවිට නෞකාව සිය ගමනාන්තය වන සිංගප්පූරුව බලා යාත්‍රා කිරීම ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේය.




