Headlines

    මීට වසර ලක්ෂයකට පෙර ජීවත් වූ මානව වර්ගයක් සොයා ගනී..

    මීට වසර ලක්ෂයකට පමණ පෙර ජීවත් වූ මානව වර්ගයක  පොසිල කොටස් ඊශ්‍රායලයේ රම්ලා නගරයේ තිබී‍ සොයාගෙන තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට වසර එක් ලක්ෂ 40,000ත් එක් ලක්ෂ 20,000ත් අතර කාලයකට පෙර ජීවත් වූ පුද්ගලයෙකුගේ අර්ධ හිස් කබලක් සහ හකු කොටසක් පර්යේෂකයින් විසින් සොයාගනු ලැබ ඇති බවයි.

    ඒ අනුව එම අලුතින් සොයාගත් හිස් කබල අයත් පුරාණ මානව වර්ගය “නේෂර් රම්ලා හෝමෝ වර්ගය” ලෙස විද්‍යාඥයින් විසින් නම් කර ඇති බව සඳහන්ය.

    මෙම සොයා ගැනීම මානව පරිණාමයේ කතාව විශේෂයෙන්ම නියැන්ඩර්තාල්වරුන්ගේ කතාව නැවත සකස් කරන බව ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිලා මේ මහතා ප්‍රකාශ කර ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *