බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මගින් පළ කිරීමත් සමග මෙසේ සිය ඉල්ලා අස්වීම සිදු කර ඇති බවයි.
ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ , ජනතාවට ලබාදුන් උපදෙස්, නීති සම්පාදනය කරන පුද්ගලයෙකු වශයෙන් තමා අතින් ගිලීහී යාමේ වරද පිළිගනිමින් ධුරයෙන් ඉවත් වන බවත් ජනතාව කරන කැපකිරීම්වලට ගරු කරමින් තමා එම තීරණය ගත් බවත් ය.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයින්ගෙන් ද සමාව අයැද ඇති අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හිටපු චාන්සලර්වරයෙකු වන සජිඩ් ජාවිඩ් පත්කර ඇකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ජිනා කොලඩන්ජෙලෝ ද, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්යක්ෂ ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇකි බව සඳහන් වේ.