දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඒ අනුව ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථා වලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට පියවරගන්නා මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.




