Headlines

    බස් හා දුම්රිය ගමන්වාර ඉහළට..

    අද (28) සිට ක්‍රියාත්මක වන පරිදී බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ගමන් වාර 70ක් අද (28) දිනයේ සිට අලුතින් ක්‍රියාත්මක වන බවත් අන්තර් පළාත් දුම්රිය ධාවනය කිරීමට මේ දක්වාත් අවසර ලබා දී නොමැති බවත්ය.

    තව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, සමාන්‍ය පරිදි බස් රථ ධාවනය නිරෝධානය නීති වලට අනුව ක්‍රියාත්මක වන බවත් අන්තර් පළාත් බස් රථ කිහිපයක් ද යොදා ඇති බවත්ය.

    මේ අතර ඊ චැනලින් සේවාව මඟින් වේලාව වෙන් කරවා ගත් සේවාලාභීන් සඳහා පමණක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් අද දිනයේ සිට යළි ආරම්භ කෙරෙන බව එම ආයතනය සඳහන් කළේය.

    එහි දී වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය හා කළුතර යන ශාඛා මගින් සිදුකෙරෙන සේවා තවදුරටත් සිදුනොකෙරෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *