ඊයේ (29) දින මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට මියගිය කැස්බෑවකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබිණ.
එම කැස්බෑවගේ බර කිලෝග්රෑම් 50 අධික බව වාර්තා වේ.
පසුගිය මස 22 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත්වීමත් සමග මාසයක පමණ කාලයක සිට දිවයිනේ දකුණු වෙරළ තීරයට මෙලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු සත්ත්වයින් ගොඩ ගැසීම ආරම්භ වූ අතර මියගිය කැස්බෑවන්ගේ සිරුරු 150 කට අධික සංඛ්‍යාවක් සහ ඩොල්ෆින් සත්ත්වයින් 15 දෙනෙකුගේ සිරුරු ද මේ වනවිට මෙරට වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සමුද්‍ර ජීවින් මියයාමට හේතු පරීක්ෂා කිරීම් මේ වනවිට සිදු කෙරෙමින් ඇති බවයි.
ඒ අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්මේන්තුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා ප්‍රකාශ කළේය.





