Headlines

    විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා දිවයිනට..

    ශ්‍රී ලංකා – එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට තරග තහනමකට ලක් කර සිටින නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ඊයේ(29) යළි දිවයිනට පැමිණි තිබේ.

    ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළට පැමිණී ඔවුන් තිදෙනා පසුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරියා පැවසුවේය.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, අදාළ ක්‍රීඩකයින් පිළිබඳව පවත්වන පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

    කෙසේ වෙතත් ඊයේ (29) දිනයේ පැවති පළමු එක් දින තරඟයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

    ඒ ලකුණු 185 ක ඉලක්කයක් හබාගිය එංගන්තය ලකුණු 189 ක් වාර්තා කිරීමත් සමඟය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *