Headlines

    රටවල් 6 කින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර නැහැ – විල් ගුවන් සේවා අධිකාරිය..

    එළඹෙන ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී ඇති බව සඳහන් වේ.

    ඒ අනුව බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානය යන රටවල මඟීන් මෙලෙස ගොඩ බැසීමට අවසර ලබා නොදෙන රටවල් ලයිස්තුවට ඇතුළත් කර තිබේ.

    ඉහත සඳහන් කළ රටවලින්  ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්‍රයේ සිට ජූලි 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළුවීමට අවසර නොලැබෙනු ඇත.

    සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ, අතරමැදි ගුවන් ගමන් සඳහා එම රටවලින් පැමිණෙන මගීන්ට මෙය බල නොපාන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *