මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියේය.
ඒ පසුගිය 28 වන දා මෙරටින් කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමගය.
ඒ අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවු අය සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බවයි.
ඒ අනුව එම මරණ 45න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 21 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




