මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර දී තිබේ.
අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා මර්දන එන්නත, ඉන්දියාව සිය පුරවැසියන්ට ලබාදීම සඳහා අනුමත කළ සිව්වැනි එන්නතය.
ඉන්දියාව තුළ මේ වන විටත් කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් එන්නත්කරණය සඳහා යොදා ගනු ලබයි.
මොඩර්නා එන්නත, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව, අධ්‍යයනයකින් තහවුරු වී ඇති අතර මොඩර්නා, කොරෝනා ආසාදිතයින් සඳහා 94% ක් ඵලදායී එන්නතක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සිදු කරන ලද අධ්‍යයන වල දී තහවුරු වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ බීටා ප්‍රභේදයට වඩා, ඩෙල්ටා ප්‍රභේදය වෙනුවෙන් මොඩර්නා එන්නත ඵලදායී බවයි.
කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.