Headlines

    ප්‍රදේශ කිහිපයකට තද වැසි..

    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ රාත්‍රි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

    එහි දී ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ දකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *