Headlines

    කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ දෙන්නේ නැහැ – චීන ජනපති..

    බාහිර කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ නොතබන බවත් එවැනි උත්සාහ දරන්නන්ට චීන ජනතාවගේ යකඩ මහා ප්‍රාකාරය හමුවේ හිස කුඩු කර ගැනීමට සහ ලේ වගුරුවන්නට සිදුවනු ඇති බවටත් චීන ජනාධිපතිවරයා ඊයේ (01) අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළ ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සර උත්සවයට එක්වෙමින්ය.

    විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සරය ඊයේ (01) බෙයිජිං හි තියාන්මෙන් චතුරශ්‍රයේදී පැවැත් වුණු බවයි.

    එහි දී අදහස් දැක්වූ චීන ජනපති ෂී ජින් පින් මහතා,

    අපි චීන ජාතිකයෝ. යුක්තිය රකින හා කිසිදු බලයකට හෝ බලපෑමකට බිය ගන්න බැරි, අපි කවරදාකවත් අන් රටවල කිසිම ජාතියකට හිරිහැර කරල නෑ. පීඩාවට පත් කරලා නැහැ. වහල්භාවයට යොදාගෙන නැහැ.ඉතිහාසයෙත් එහෙම කළේ නැහැ. වර්තමානයේ දී හෝ අනාගතයේදී එහෙමම තමයි. ඒ වගේම තමයි චීන ජනතාව නිසැක වශයෙන්ම කිසිදු විදේශ බලවේගයකට ඉඩදෙන්නේ නැහැ. පීඩාවන් හිරිහැර හෝ වහල්භාවය අප වෙත මුදා හරින්න. කවුරු හෝ එහෙම උත්සාහයක් දරුවොත් ඔවුන්ට බිලියන 1.4 ක් වූ චීන ජනයාගේ යකඩ මහා ප්‍රාකාරය ඉදිරියේ හිස් කුඩු කරගන්න සහ ලේ වගුරවන්න සිද්ධ වෙයි.

    ගෝලීය කොරෝනා වසංගත තත්වය හා වෙළෙඳාම හේතුවෙන් චීනය හා අමෙරිකාව අතර සබඳතා මෑතකදී නරක අතට හැරී ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *