Headlines

    ව්‍යාපාරික ප්‍රජාවට අගමැතිගෙන් පණිවිඩයක්..

    සේවා ස්ථාන වන සේවකයින් ඉවත් නොකර ඔවුන් රැක ගනිමින් කොරෝනා වංසගතය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු කර්මාන්තකරුවන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන ලදී.

    ඒ, අරලියගහ මන්දිරයේදී පැවැත්වන ලද ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහි දී බැංකු ණය ලබා ගැනීම, ණයවර ලිපි නිකුත් කිරිමේදී ඇතිවන ගැටලු විසඳා ගැනීම, ඇඟලුම් සේවකයින් සඳහා එන්නත්කරණය, කොරෝනා මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම හා සේවක අර්ථසාධක අරමුදල් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවට පැමිණි සිටි නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ අතර පාස්කු ප්‍රාහාරය හා කොරෝනා වසංගතය හේතුවෙන් මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇති බව පෙන්වා දුන් නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළඳාම් පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් හදිසි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    ව්‍යාපාරිකයින් පැවසුවේ ව්‍යාපාර නඩත්තු කරමින් සේවකයින් තවදුරටත් සේවයේ තබා ගැනීම දුෂ්කර වී ඇති හෙයින් ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර විකල්පයක් නොමැති බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *