දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මුලතිව්, කෑගල්ල, සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 03ක් අද(03) උදෑසන 6.00 සිට හුදකලා (Lockdown) කර ඇත.
මේ අතර දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද(03) උදෑසන 6.00 සිට ඉවත් කිරීමට ද පියවර ගත් බව ද යුද හමුදාපතිවරයා පැවසීය.