අද (04) උදෑසන තල්මසකුගේ සහ කැස්බෑවකුගේ සිරුරක් පානදුර, නල්ලුරුව වෙරළට ගොඩ ගසා තිබිය දී හමුව ඇත.
ගොඩ ගසා තිබූ තල්මසාගේ සිරුර අඩි 8යි අගල් 3ක් පමණ දිගකින් යුක්ත බව සඳහන්ය.
කොස්ගොඩ වෙරළ තීරයට ද කැස්බෑවෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
මෙම මළ සිරුරු 3 වනජීවි නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.
මේ අතර දිවයිනේ දකුණු මුහුදු තීරයට මේ වනවිට මිය ගිය කැස්බෑවන් 180 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඊයේ (04) දිනය වනවිට ගොඩ ගසා ඇති ඩොල්ෆින් මත්සයින් ගණන 20 ක් බව සඳහන්ය.
වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, කැස්බෑවන්ගේ සිරුරුවල ඇත්තේ කුමන රසායන ද්‍රව්‍ය ද යන්න සොයා බැලීමට ඔවුන්ගේ කොටස් විදේශ රටකට ද යැවීමට පියවර ගන්නා බවයි.