ඉතියෝපියාවේ ලක්ෂ 04කට අධික පිරිසක් සාගත තත්ත්වයක..

ඉතියෝපියාවේ පවතින යුද ගැටුම් හේතුවෙන් එරට ටිග්‍රේ කලාපයේ පුද්ගලයින් ලක්ෂ 4 කට අධික පිරිසක් සාගත තත්ත්වයකට ගොදුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානය ප්‍රකාශ කළේ, ළමුන් 33,000 ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන බවත් ඉදිරියේදී එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවත්ය.

එරට පවතින යුද ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයින් ලක්ෂ ගණනක් සාගතයක් අභියස සිටින බවට ද එම සංවිධානය අනතුරු අඟවමින් සදහන් කළේය.

කෙසේ වෙතත් දශක ගණනාවකට පසු ඉතියෝපියාවට බලපෑ දරුණුම සාගත තත්ත්වය මෙය වේ.

පසුගිය සතියේ මෙම ටිග්‍රේ කලාපයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරෙනු නමුත් තවදුරටත් එම කලාපය තුළ යුද ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මාස 08කට අධික කාලයක් එම කලාපය තුළ පැවති වාර්ගිකත්වය පදනම් කරගත් ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් මියගොස් මිලියන 02කට අධික පිරිසක් අවතැන් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *