මෙරට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස Pfizer එන්නත ලබාදීම හෙට (07) සිට ඇරඹෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
ඒ මහතා සඳහන් කළේ, එන්නත්කරණ දිනය හා ස්ථානය SMS මගින් එම පුද්ගලයන් හට දැනුම් දෙන බවයි.
ඊයේ (05) අලුයම Pfizer එන්නත් පළමු තොගය මෙරටට රැගෙන ආ අතර ඊට මාත්‍රා 26,000 ක් ඇතුළත්ය.
ඇමරිකාවේ නිෂ්පාදිත මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක් මෙම මාසය ඇතුළත කොටස් වශයෙන් ලැබීමට නියමිත බව සඳහන් ය.