ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ ලොව රටවල් තුළින් නව මරණ 6,012ක් වාර්තා වූ බවයි.
මේ අතර කොරෝනා වසංගතය ඇරඹි 2019 වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් හතලිස් ලක්ෂ දෙසිය අසූ එක් දෙනෙකු මියගොස් ඇත.
එහි දී වැඩිම මරණ සිදුව ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකය.
ඉන් පසු වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර, එම සංඛ්‍යාව පන් ලක්ෂයකට අධික බව සඳහන්ය.
කෙසේ වෙතත් අසල්වැසි ඉන්දියාව ද ලොව වැඩිම කොරෝනා මරණ සිදුව ඇති රටවල් ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේ සිටින අතර මරණ සංඛ්‍යාව හාරලක්ෂය ඉක්මවා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 18 කෝටියකට අධික බවයි.