ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට..

ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් අද (07) අලුයම දිවයිනට රැගෙන විත් ඇත.

එම තොගය රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒ්මට පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නත්කරණය ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන 12 වන දින සිට ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *