ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු හා ජනප්‍රිය නළුවෙකු වූ දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි.
නප්‍රිය නළු දිලීප් කුමාර් මියයන විට වයස අවුරුදු 98 කි.
ඔහු 1921 දී පකිස්ථානයේ ටෙෂාවෝර්හිදී උපත ලද අතර ඔහුගේ මුල් නම මොහොමඩ් යූසුප් ඛාන් ය.
පසුව බොලිවුඩ් සිනමානවට එක්වීම සඳහා දිලීප් කුමාර් ලෙසින් ඔහු නම වෙනස් කළේය.

ගංගා, ජමුනා, දේවදාස් යන ඇතුළු චිත්‍රපට රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන් අතර 1950 සහ 1960 ඛේදාන්ත චරිත රඟපෑ ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන 08ක් දිනා ගැනීමට සමත්ව ඇත.
දිලිප් කුමාර්, ඉන්දියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඇත.
එරට බොක්ස් ඔපීස් වාර්තා බිඳ හෙළු මූගල් ඊ අසාම් චිත්‍රපටයේ සලීම් කුමාරයාගේ චරිතයට රංගනයෙන් ඔහු දායක වීම විශේෂත්වයකි.
