බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය.
අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර ඊයේ (08) නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍යංශයට අයත් විෂය පථයන් මෙසේ වෙනස් කර ඇත.
එනම්,
භාණ්ඩාගාර කටයුතු
රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු
බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු
අරමුදල් ප්‍රතිපාදන කටයුතු
ලෙසයි.