Headlines

    ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක්..

    ජපානයේ ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    එරට පවතින කොරෝනා අවදානම හමුවේ රට අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා විසින් හදිසි තත්ත්වය අද(08) සිට අගෝස්තු 22 වැනි දා දක්වා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව ටෝකියෝ නුවර මත්පැන්හල්, අවන්හල් සහ වෙළෙඳසැල් ද වසා දමන ලෙස රජය ඉල්ලා තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (08) දිනය තුළ දී කොරෝනා ආසාදිතයින් 896 දෙනෙකු ටෝකියෝ නගරයෙන් හඳුනා ගත් බවයි.

    මෙම හදිසි තත්වය හමුවේ ටෝකියෝ වැසියන්ට නිවසින් බැහැරට නොයන ලෙස ද දැනුම් ඇතැයි සඳහන් වේ.

    කෙසේ වෙතත් ජපන් ජනගහනයෙන් හතරෙන් එකකට මේ වනවිට කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බව සඳහන්ය.

    මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන 23 වැනි දා ආරම්භ වන ටෝකියෝ ඔලිම්පික් උළෙල ආගෝස්තු 08 වැනි දා තෙක් ක්‍රීඩා ලෝලීන් නොමැතිව හදිසි තත්ත්වය යටතේ පැවැත්වෙන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *