මෙරට තුළ රැඳී සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව අද (09) සිට ලබන මස 08 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ, අදාළ කාල සීමව තුළ කල් ඉකුත් වන වීසා සඳහා ඒම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන බව සහ කිසිදු දඩ මුදලක් අය නොකරන බවය.
සංචාරක වීසා යටතේ මෙරට රැඳී සිටින පිරිස්, ආගමන විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස අදාළ ගාස්තු ගෙවා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ, වීසා ලබා ගැනීම හෝ මෙම කාලය තුළදී දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ, නම්, වීසා ගාස්තු ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වීම හෝ 2021 අගෝස්තු මස 08 වන දිනට පෙර සංචරණ සීමාවන්ට යටත්ව බත්තරමුල්ල කාර්යාලය වෙත පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම හෝ සිදු කළ යුතුය.
කෙසේ වෙතත් නේවාසික වීසා දරන්නනන්ට සිය වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරී දිනවල උදෑසන 8.30 සිට ප.ව. 3.00 දක්වා 0707101050 අංකය අමතා දිනයක් හෝ වේලාව් වෙන් කර ගෙන අගෝස්තු 8 වනදාට පෙර බත්තරමුල්ල කාර්යාලයට පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා පිටසන ලබා ගත හැකි බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේය.