ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයන් වාර්තාවී ඇති බව කාළගුණ වීද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ වැඩිම වර්ෂාපතය වාර්තා වී ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙන් බවයි.
එම අගය මිලිමීටර් 193.25 කි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ලංකාගම ප්‍රදේශයට ද , මිලිමීටර් 177 ක වර්ෂාපතන අගයක් වාර්තා වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයට මිලිමිටර් 183.50 ක වර්ෂාපතනයක් , දොලොස්වල ප්‍රදේශයට මිලිමීටර් 164.50ක් සහ වේවැල්වත්ත ප්‍රදේශයට මිලිමීටර් 147.75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
මේ අතර පස් කඳු කඩා වැටීම් හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර වී තිබේ.
ගත වූ පැය 24 තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළුගල ප්‍රදේශයට ද අදාළ කාල සීමාව තුළ මිලිමීටර් 150.50 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පවතින අධික වර්ෂාව හමුවේ ගාල්ල , කළුතර , කෑගල්ල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.