බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 52නෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 08 වන දා හටගත් මෙම ගින්නෙන් මේවන විට පුද්ගලයින් 50 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශයේ කාර්මික නගරයක් වන රුප්ගන්ජ් හි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි.
ගින්නට හේතුව තවම සොයාගෙන නොමැති බව සඳහන්ය.
එරට මාධ්‍ය වාර්තා කළේ, කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි.