“දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

“දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කළේය.

ඒ අනුව දීපව්‍යප්තව පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරුණේ හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේදී ය.

මෙම ජාතික වැඩසටහන මඟින් පොල් ගෙඩි මිලියන 2,800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3,600ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බව සඳහන්ය.

වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව මෙම ජාතික වැඩසටහන සංවිධානය කරයි.

මෙම ජාතික ඩසටහනට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පොල් පැළ සිටුවීම හා පැළ බෙදාදීම සියලු අමාත්‍යාංශ මගින් සිදු කරන බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *