ලෙබනනය දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක්වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ එරට තුළ පවතින ඩොලර් හිඟය හමුවේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාස 18ක කාලයක් තිස්සේ ලෙබනන තුළ පැවැති විනිමය හිඟය හේතුවෙන් නිෂ්පාදන කර්මාන්ත ශාලා, වෙළඳසැල් ඇතුළු ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් රැසක් ඇණහිට ඇති බවයි.
එරට බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි ව ඇති බව සඳහන්ය.
ඒ හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර 02ක් පසුගිය 09 වන දා වසා දැමීමට පියවර ගෙන ඇත.
ලෙබනනයේ විදුලි අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපයන විශාලතම විදුලි බලාගාර දෙකක් මෙලෙස වසා දමා ඇති බව සඳහන් ය.
ඒ තුවෙන් බේරුට් ගුවන්තොටුපොලේ විදුලිය ඇණහිට ඇති අතර රටේ ප්‍රධාන මධ්‍යස්ථාන රැසක කටයුතුවලට විදුලිය නොමැති වීමෙන් දැඩි බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, දිනකට පැය දෙකක කාලයක් පමණක් බොහෝ ප්‍රදේශවලට විදුලිය සැපයෙන බවය.
මේ අතර ලෙබනන රජය පවතින තත්වය හමුවේ බේරුට් ඇතුළු ප්‍රධාන නගර රැසක වෙළඳසැල්වලින් 80ක්% පමණ වසා දමා ඇති බවත් රට තුළ දැවැන්ත ඖෂධ හිඟයක් පවතින බව ද එම වාර්තා පෙන්වා දෙයි.