පරිප්පු සහ සිනි මිල අඩු කිරීමට තීරණයක්..

පරිප්පු සහ සීනි මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා පමණක් අඩු මිලට පරිප්පු හා සීනි මිලදී ගැනීමට පාරිභෝගියන්ට අවස්ථාව හිමිවන බව අලගියවන්න මහතා සඳහන් කළේය.

මෙම සහනය මාසයක් තුළ ක්‍රියාත්මක කරනු ඇති අතර පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 175කට අඩු මිලකට ලබා දීමට තීරණය කර ඇත.

තව ද සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 110 වැනි මිලකට ලබා දීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *