ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

2022 වර්ෂයේ දි ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි.

අද දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම – ‘බ්‍රිඩ්ජ් ටු රිකවරි ‘(Bridge to Recovery) නම් වු වාර්තාව මගින් පෙන්වාදි ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ බැසිමක් ඇති බවත්, නව මුල්‍ය ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරිම නිසා ඉහළ ආදායමක් ලබන බවත්, වැඩි වු මුදල් සංප්‍රේෂණය කිරිම මගින් සහ සංචාරක ව්‍යපාරයෙන් ලැබෙන ආදායම් වැඩිවිම මගින් දශක පහකට පසුව පළමු වරට ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම් අතිරික්තයක් පෙන්නුම් කරන බවත් ය.

කෙසේ වුවද දරිද්‍රතා මට්ටම එක දිගට අවුරුදු හතරක් (4) වැඩි වු අතර ශ්‍රි ලාංකිකයන්ගේ 25.9% ක් 2023 වර්ෂයේදි දරිද්‍රතා මට්ටමට පහලින් ජිවත් විය. ශ්‍රම බලකායේ සහභාගිත්වයද අඩුවිමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්  කුඩා ව්‍යවසායන් සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දැමිම නිසා  කාන්තාවන් අතර සහ නාගරික ප්‍රදේශවල ජනතාව අතර ශ්‍රම බලකා සහභාගිවිමේ අඩුවක් දක්නට ලැබුණි. භාණ්ඩවල ඉහළ මිල, ආදායම් තත්වය අඩුවිම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතිම වැනි විවිධ ප්‍රශ්නවලින් ජනතාව පිීඩනයට පත් වී සිටි. මේ හේතුව නිසා ජනතාවට ආහාර අවශ්‍යතා  සපුරාගැනිම සඳහාද සෞඛ්‍යය හා අධ්‍යාපන වියදම් පවත්වාගෙන යාම සඳහාද ණයගැනිමට සිදු වී ඇත.

“ශ්‍රිි ලංකාවේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින නමුත්, රට තුල සිදුකරමින් සිටින ශක්තිමත් සහ විශ්වාසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල මාවතේ අඛණ්ඩ පැවැත්ම සහ දුප්පත් සහ අවදානමට ලක් වී ඇති ජනතාව කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම අඩුකිරිම සඳහා දරන ලද තිරසාර උත්සාහයන්  ද ඉතා වැදගත්ය”, යනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රිී ලංකාව යන රටවල් සඳහා අධ්‍යක්ෂ, ෆාරිෆ් හඩාඩ් සර්වෝස් මහතා පවසයි. “මෙයට උපාය මාර්ගය දෙකක්  ඇතුළත් වේ: පළමුව, සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දායක වන ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ දෙවනුව, ආර්ථික වර්ධනයට සහ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පුද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ගලා ඒම ධෛර්ය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම.” යැයි එම මහතා තවදුරටත් පැවසීය.

මීට අමතරව, මෙම වාර්තාව මගින්  2025 වර්ෂයේදි  2.5%  ක ආර්ථික වර්ධනයක් ඇතිවන බවට පුරෝකථනය කර ඇත. තවද එම වර්ෂය වන විට උද්ධමනට සාමාන්‍ය ලෙස ඉහළ යාමක් සහ ජංගම ගිිණුමේ සුළු අතිරික්තයක් ඇතිවන බවට එම වාර්තාව තව සඳහන් කරයි.

කෙසේ වුවද ණය ගෙවිමේ බැඳිම් මගින් මුල්‍ය ශේෂවලට පිිීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 වර්ෂය දක්වා දරිද්‍රතා මට්ටම 22% ක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගතය පිළිබඳ අවධානම දිගටම පවතින අතර ප්‍රමාණවත් නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරිම්, ප්‍රතිසංස්කරණ කටයුුතු වල සිදුවිය හැකි ආපසු හැරවීම,  මුල්‍ය ක්ෂේත්‍රයේ ඇති අවධානම් තත්වය සහ ආර්ථික අර්බුදයේ දිගුකාලීන බලපෑම් යන කරුණු  මත අවධානම් තත්වය දිගටම පවතී.  අඛණ්ඩ සාර්ව-මූල්‍ය ස්ථාවරත්වය, වැඩි පුද්ගලික අංශයේ ආයෝජන සහ රාජ්‍ය ව්‍යවසාය හා සම්බන්ධ අවදානම් ආමන්ත්‍රණය කිරීම තුළින් ඔරොත්තු දෙන ආර්ථිකයක් ඇති කිරිම සඳහා ශක්තිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මුලික අවශ්‍යතාවක් බව වාර්තාව මගින් තවදුරටත් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම යනු දකුණු ආසියා සංවර්ධන ඇගයුම නම් වු වසරකට දෙවරක් ලෝක බැංකුව විසින් නිකුත් කරන වාර්තාවේ සහායක වාර්තාවකි. එම වාර්තාව මගින් ලෝක බැංකුව විසින් දකුණු ආසියා කලාපයේ  ආර්ථික සංවර්ධනය සහ අනාගත දියුණව පිළිබඳ විශ්ලේෂණය කරනු ලබන අතර එම රටවල් මුහුණ දෙන ප්‍රතිපත්ති අභියෝග පිළිබඳව ද විශ්ලේෂණය කරයි. ‘ජෝබ් ෆො රෙසිලියන්ස්’ (Jobs For Resilience) නම් වු දකුණු  ආසියා සංවර්ධන ඇගයුමේ 2024 අප්‍රේල් කලාපය මගින් ප්‍රකාශ කර ඇත්තේ දකුණු ආසියාව ලොව ඉක්මනින්ම සංවර්ධනය වන කලාපයක් බවය. 2024 වන විට දකුණු ආසියාවේ වර්ධනය 6% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සඳහා මුලිකව බලපා ඇත්තේ ඉන්දියාවේ ශක්තිමත් ආර්ථික වර්ධනයත්,  පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයේ සිදුව ඇති නැවත ගොඩ නැගීමත්ය. නමුත් මෙම තත්වය නොමඟ යවන සුළුයැයි එම වාර්තාවේ තවදුරටත්  සඳහන් වේ. බොහෝ රටවල ආර්ථික වර්ධනය තවමත් කොවිඩ්-19 වසංගත රෝගය පැතිරිමට පෙර පැවැති තත්වයට වඩා පහළ මට්ටමක පවතී. එසේම දකුණු ආසියාවේ පෞද්ගලික ආයෝජන වර්ධනය මන්දගාමී තත්වයට පත්ව ඇත.

එසේම දකුණු  ආසියාතික රටවල රැකියා කරන වයසේ පුද්ගලයන්ට ප්‍රමාණවත් පරිදි රැකියා උත්පාදනයවිමක් සිදු වන්නේ නැත. රැකියා ප්‍රමාණය වැඩි කිරිම සඳහාද රට වර්ධනය හා ඵලදායිතාව වැඩිකිරිම සඳහාද මෙම වාර්තාව මගින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. එසේම ආයෝජනය කිරිම සඳහා ඉඩපහසුකම් ලබාදිම පිළිබඳවද මෙම වාර්තාවේ සඳහන් වේ.

Source: World Bank, Poverty & Equity and Macroeconomics, Trade & Investment Global Practices. Emissions data sourced from CAIT and OECD.

Notes: e = estimate, f = forecast.

(a)    Components of GDP by expenditure for 2020-2022 are estimates, as the data published on March 15, 2024, by authorities only included GDP by production.

(b)    Calculations based on SAR-POV harmonization, using 2019-HIES. Actual data: 2019. Microsimulation that models sectoral GDP growth rates, inflation, remittances, employment, and cash transfers 2020-2022. Nowcast and forecast (2023-2026) use nominal GDP growth rates by sector and CPI inflation.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *