තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉලංගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය කර ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇත.

ඊච්චලම්පත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *