විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවද එහි දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *