Headlines

    ටෙස්ලා අරන් ඊලොන් මස්ක් ඉන්දියාව ට 

    ලොව ධනවත් ම පුද්ගලයෙක් ලෙස සැලකෙන ඊලොන් මස්ක්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව මස්ක් ‘X” පණිවුඩයක් නිකුත්කරමින් පවසයි.

    ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් එහි සඳහන් කර නැත.

    ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව වාර්තා විය.

    පසුගිය සතියේදී විද්‍යුත් වාහන ආනයන බද්ද සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉන්දියාව කටයුතු කළේය. 

    ඩොලර් මිලියන 500කට වැඩි මුදලක් ආයෝජනය කිරීම සහ වසර තුනක් අතුළත දේශීය වශයෙන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටත් හැකියාව ඇති මෝටර් රථ නිෂ්පාදන සමාගම් සඳහා එම අවස්ථාව යටතේ විද්‍යුත් වාහන ආනයනයට හැකියාව හිමිවෙයි.  

    ටෙස්ලා සමාගමේ ප්‍රධානියා වන මස්ක්, 2021 දී පැවසුවේ අධික ආනයන බදු හේතුවෙන් තම සමාගමේ මෝටර් රථ ඉන්දියාවේ එළිදැක්වීම ට බාධා එල්ලවී ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *