Headlines

    දූපතක සතියක් සිරවී සිටි පිරිසක් මුදාගනී

    රොබින්සන් කෘෘසෝ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ලෝක පූජිත නව කතාවකි.

    දූපතක සිරවී වසර ගණනක් හුදකලාව සිටි මිනිසෙකු වටා එම කතා ප්‍රස්තුතය ගොඩනැගී තිබේ.

    රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් පසුගිය දා වාර්තා වුණි.

    ඒ එම දූපතේ  සිරවී සතියක කාලයක් ගත කළ මිතුරන් තිදෙනෙකු මුදාගැනීමත් සමගිනි.

    සාගරය මැදදී සිය යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු ඔවුන් මෙම දූපතට පැමිණ තිබිණි.

    පිරිස සොයා අමෙරිකානු වෙරළාරක්ෂක හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබුනේ ඔවුන් අතුරුදන් වීමේ පුවත සැලවීමත් සමගය.

    පිරිස එම දූපතේ සිටින බවට සොයාගෙන ඇත්තේ, තල් පත් යොදාගෙන ඔවුන් වෙරළේ නිර්මාණ කර තිබූ හෙල්ප් එනම් උදව් ලෙස සටහන් වදන හේතුවෙනි.

    ගෙවුණු සතියක කාලය පුරා ඔවුන් ආහාරයට ගෙන තිබුණේ පොල් මඳ යි.

    ධීවරයින් විසින් කණිනු ලැබූ බවට සැලකෙන දූපතේ තිබූ කුඩා ලිඳකින් ඔවුන් පිරිසිදු ජලය සපයාගෙන තිබිණි.

    පිරිස මේ වනවිට ආරක්ෂිතව සිටින බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *