Headlines

    ආගමන විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද (12) පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පවත්වන බවය.

    ඒ අනුව ගුවන්තොටුපොළ හා වරායේ සේවය කරන නිලධාරීන් කළු පටි පලඳිමින් අද රාජකාරියේ නිරත වුණි.

    ආගමන විගමන නිලධාරී හිඟය නිසිකලට තනතුරු පුරප්පාඩු නොපිරිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පැවැත්වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *