Headlines

    කිලෝ 200කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

    හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රා 02ක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් සිය භාරයට ගෙන තිබේ.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ, එම යාත්‍රා දෙකේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවය.

    අත්අඩංගුවට ගත් පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව පැවසු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, එලෙස වරායට රැගෙන ඒමෙන් අනතුරුව අදාළ යාත්‍රා දෙක නැවත පරීක්ෂාවට ලක්කරන බව ද පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *