Headlines

    Covid-19 නිසා වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අද සිට සංචාරකයන්ට විවෘත වේ.

    Covid-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ ඇති වූ තත්වය හමු වේ ඉකුත් වසරේ මාර්තු 17 වැනි දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංචාරකයින් සඳහා වසා දමන ලදී. එහෙත් මාස 10 කට පසු එනම් අද (21) දින සිට කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල් යළි සංචාරකයි සඳහා විවෘත කෙරුණි.

    ඒ අනුව පැමිණෙන සියළු සංචාරකයින් හා සෙසු මගීන් වෙන් කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ. කෙසේවෙතත් මගීන්ගේ මෙන්ම සේවකයින්ගේ ද ආරක්ෂාව තහවුරුවන අයුරින් සියළුම කටයුතු සම්පාදනය කර ඇති බව ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *