පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ.
ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම මරණ සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැඩිම මරණ සංඛ්‍යාවක් වයඹ දිග පාකිස්තානයෙන් වාර්තාවන අතර ගොඩනැගිලි කඩාවැටීම හේතුවෙන් එම පළාතේ ළමුන් 15 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් වයඹ දිග පාකිස්තානයේ නිවාස 1370කට හානි සිදුවී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.