Headlines

    කැනඩාවේ සිදුවු විශාලතම රන් කොල්ලය

    කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද අයත්ය.

    2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් සොරකම් කර තිබුණේ එරට ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ විශේෂ භාණ්ඩ තොගයක්.

    කැනේඩියානු වාර්තාවලට අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 16කි.

    ඒ අතරට සම්පූර්ණ බර කිලෝ 400ක් වන රන් කුට්ටි 6,600ක් සහ විදෙස් මුදල් තොගයක් අයත්ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *