Headlines

    සජබයට සහාය දුන්නොත් තනතුරක්

    ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවන බවය.

    කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *