එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් ලෙස පලස්තීනය පිළිගත යුතු බවට ගෙන ආ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවක් නිශේධ බලය යොදා පරාජය කිරීමට අමෙරිකාව කටයුතු කළේය.
එම යෝජනාව බ්‍රහස්පතින්දා (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෙනැවිත් තිබුණි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 12 දෙනෙක් එම යෝජනාවට පක්ෂ වූ අතර එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
අමෙරිකාව එම යෝජනාවට එරෙහිව නිශේධ බලය පාවිච්චි කළේය.
ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය අමෙරිකාවට සිය ස්තූතිය ප්‍රකාශ කළ බව සඳහන් ය.
එක්සත් ජාතීන්ගේ සම්පූර්ණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා පලස්තීනය 2011 සිට උත්සාහ දරයි. ඔවුන් මේ වනවිට සාමාජිකත්වය රහිත නිරීක්ෂක තත්ත්වය හිමි රාජ්‍යය කි. එම තත්ත්වය 2012 වසරේදී ඔවුන්ට හිමිවිය.