Headlines

    දිගු කලක් සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයන්ට දැනුම්දීමක්

    ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    එම සාමාජිකයින්ට නීත්‍යානුකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් වීමට ලබන මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බව යුද්ධ හමුදාව පැවසුවේය.

    ඒ අනුව තමන් අයත් වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට මෙම කාලය තුළ අවස්ථාව හිමි වේ.

    යුද්ධ හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක් මෙහිදි ඉදිරිපත් කළ යුතු බව යුද්ධ හමුදාව නිවේදනය කළේ

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *