Headlines

    මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් වෑන් රථයක් පරීක්ෂාවට ලක් කිරිමේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19කට ආසන්න ප්‍රමාණයක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවය.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 35 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් බව සඳහන් වේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වෑන්රථයේ රියදුරු බව වාර්තා විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *