සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණි.
සර්වෝදයේ ප්‍රධාන මූලස්ථානයේ තැන්පත් කර තිබු ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ සිදුකෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව රිය පෙරහැරකින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙනවිත් තිබුණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු මැතිඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්විය.